.

.

Jan 21, 2018

යහපාලනයද...? ගවපාලනයද...? - Government or Gawa Mantel


සෝභිතලා නිර්මාල්ලා එකතුවී පඩත්තල දේශපාලනයට තිත තැබීමට යාපාලනේ කියා එකක් ගෙනාවේය. ඒක ගේන කොට එක එක පොරොන්දු ජනතාවට දුන්නේය. එයින් එකක් උනේ රනිල් අගමැති කරනා එකය. එයා අගමැති කල ගමන් ඡන්දෙට සල්ලි නැති නිසා එතෙක් සුළු පරිමාණයෙන් කොරගෙන ගිය සැන්ට්‍රල් බෑන්ක් එකේ ගජ මිතුරු බිසිනොස් එක මහා පරිමානයෙන් කොරලා හත් පොලේ ගාගත්තේය. ඉන් පස්සේ චන්දයක් තිබ්බත් ඒකෙන් යූ ඇන් පියේ උන්ට බලාපොරොත්තු උන් ප්‍රතිඵලේ ආවේ නැතිය.

කරුමේ පටන් ගන්නේ එදා සිටය. සිරිසේන ලොක්කා ගේමට එන්ටර් වෙන්නේ මෙතැන් සිටය. ජනතාවට දී තිබූ යහපාලන පොරොන්දු සියල්ල අමතක වී ගොස් තවත් මහින්ද කෙනෙක් වීම ආරම්බ වන්නේ මෙතැන් සිටය. යාපාලන සැට් එකට පුක පෙන්නා සිරි ලංකා එකේ කම්බා හොරු සෙට් එකත් එක්ක සෙට් වී රනිල්ට කෙලලා එයා කියනා විදියට නටනා එකෙක් එජාපෙන් හෝ දාගනට වලි කන්නේ මෙතැන් සිටය. රනිල් බලන්නේ තමන්ගේ අගමැති පට්ටම රැක ගන්නේ කෙසේදෝ කියාය. මක්කා කොලත් දෙන්නාම මහින්දට ගූ බයය. මොකෝ මහින්ද ළඟට ගත්ත ගමන් මහින්ද රජවෙලා මුන් දෙන්නාටම කෙලිනා නිසාය. 

කුඩු ලංසාත්, සාරුවා සුනිලුත්, පුත්තලමේ ගුරුවරියක් දන ගැස්සූ පුත්තල් බූරුවාත්, තංගල්ලේ සෙල්ලම් පිස්තෝල කාරයාත්, ඔක්කෝම අරගෙන සරම අස්සේ දාගන්නේ ඒ ජාතියේ බඩු වල අළුත් වටිනාකමක්ද එකතු කරමින්ය. මාජ්ජ සාකඡ්චාවල ඇක්ස්කියුස් දාහක් කියමින් උන් යාපලන් නියමුවන් කර ගන්නේ සරමත් ඇඳගෙනය, වාසනාවට සුද්දා මරපු එකා සහ කුඩු දුමියා ඇතුලේ ඉන්නා නිසා යාපාලනෙට ගන්නට බැරුවා මිස උන්ද එලියේ උන්නා නම් යාපලන නියමුවන් වන්නේ බුලත් අතක් දීලා දන ගහලා වැඳලාය. එහෙම බැලුවාම ඇත්තටම අද තියෙන්නේ යහපාලනයක් නොව ගව පාලනයක්ය. නොම්මර එකේ හරක් රැලක් දක්කන ගොපල්ලේක් දැන් අපිට ඉන්නවාය. 

21 වන සියවසේ ජීවත් වන රටක වැඳිල්ල ගැන කතා කරන්න ඕනා නැත්තේ, ගෑණු බොන එක ගැන හැම පක්ෂයේම ගොබ්බයෝ කියනා ඒවා දැක්කාමය. පර සුද්දා දමලා ගහලා ගියයින් පස්සේ උන්ගේ රටවල් හා ඉදිරියට යනවා වෙනුවට දැන් යන්නේ ආපස්සටමය. සන්නාස්ගල හා පවුලේ නාලිකාවේ දුන්න සරළ ටෝක් ඔක්කෝම අමු බයිලා බවට පත් වෙලා බොහෝ කල්ය. සිරිසේනට ලැජ්ජා නැති උනත් සන්නා හැංගිලා ඉන්නේ ඒ මනුස්සයාට ලැජ්ජා නිසා වෙන්ටැතිය.

මහින්දගේ වැන්දගැනිල්ලට කින්ඩි දාපු එකා, අද හැම එකාටම කියලා වැඳගන්නවාය. ඒත් අර සරම ඇඳගෙනය. එයාට වඳිනවා දැකපු එයාගේ මී හරක් ගෝලයෝත් දැන් බලෙන් වන්දවා ගන්නවාය. ඌවේ මී හරකෙක් එහෙම වන්දවා ගත්තා කියා හා හෝව එන්නේ විජ්ජාරතන සහෝදරයා සභාවෙ ගේම ඇද්ද නිසාය. නැත්නම් වෙන්නේ මුලු පලාත් සභාවේ ඉන්න පින්සිපල් නෝනාලා මහත්තයාලාට මී හරකාගේ ගෙදරටම් ගොස් දන ගහලා වඳින්නය. 

ඌවේ මී හරකාට මෙන්ම සරමක් ඇඳගෙන ඉන්නා ගොපල්ලාටද වගේ වගක් නැතිය. හැම දේම පත්තරෙන් දකින් රේඩියෝවෙන් අහන උන්නැහේ පොලිස්පතිට වැඩේ පවරලාය. ඒ යකා ගැන අලුතෙන් කියන්නට ඕනා නැතිය. මී හරකා කුලප්පු වූ තරම කොතෙක්දැයි කියනවා නම්. අර විදුහල්පතිනිය නැවතත් කැඳවා මානසික වයිජ්ජවරෙයෙක් වෙත යොමු කරලාය. මහ ඇමතියෙකුට මේවා කරන්න බලතල තියෙනවාද කියා අපි හරියට දන්නේ නැතිය. එහෙම තියෙනවා නම් මී හරකුන් මහ ඇමතිකන් කොරනා රටේ ඒක බොහෝම භයානක දෙයක්මය. 

කරුමේ කියන්නේ මැන්ටල් දොස්තර ගාවට යවන්න ඕනා උන් රට කරද්දි, විදුහල්පතිනියකට මැන්ටල් හොස්පිටල් යන්නට වෙලා තියෙනා එකය. මේවා නියම මැන්ටල් කේස් කියන්නේ, යහපාලනයක් සහජීවනයක් ගේනවා යැයි කියාපු එකෙක්ගේ පාලනයක් යටතේම අහිංසක ද්‍රවිඩ කාන්තාවක් අඩත්තේමවලට ලක් වීමය. උන්නැහැලාගේ සහජීවනේ පුකේ සහජීවනේ කියා මාතලන් කියන්නේ මේ මැන්ටල් ගැන ඉතිහාසෙ ඉඳන්ම දන්නා නිසාය. 

කළ යුත්තේ විදිහල්පතිනිය මැන්ටල් දොස්තරලා ගාවට යැවීම නොවේ..

ඩමල් මැන්ටල් මහ ඇමතියාත්, ට්‍රිබල් මැන්ටල් ආජ්ජාපන ලේකමිත් ගෙදර එලවා දැමීය..

එහෙම වෙන්නේ නැත්නම් මේය අමු ගවපාපලනයක්ම තමා යකෝ කියා ඕනා එකෙකුට හිතෙනා එක වලක්කන්නත් බැරි වෙනවාය... 

58 comments:

  1. Replies
    1. එතකොට අර ශ්‍රීලංකා එකට චන්දෙ වැඩ කරපු එකෙක්ව පාර මැද්දේ දන ගස්සලා කනට ගහපු කළුතර ට්‍රිපල් ඩිස්ටිල් ට රනිල් දීපු දඬුවම මොකක්ද ?
      මේ ලඟදි හූඇන්පී පාක්ශිකයෙක් රත වාහන වැරැද්දක් කරපුවම පොලිස් කාරයෙක් උගෙ ලැයිසොම ගත්ත. කළුතර ට්‍රිපල් ඩිස්ටිල් අර පොලිස් කාරයට කුනු හරුපෙන් බැනල අනෙක් පොලොස් ලොක්කො බලාගෙන් ඉඳිද්දිම අර ලැයිසොම උඩුරල අරන් ගියා.
      පොන්න රනිල් දීපු ද්ඬුවම මොකක්ද ?
      රටේ ලොකුම හොරකම කරල අහු වෙච්චි පක්ශ නායකය කොහොමද උගේ ගෝලයින්ට බොරුවට වත් දඬුවමක් දෙන්නේ ?

      Delete

  2. මේ බලය විමධ්‍යගත කිරීමේ කෝලම නිසා රට බල්ලාට ගොස් හමාරය. දියවන්නාවේ උන්මතකාගාරය වෙනුවට දැන් හැම පළාතකම උන්මන්තකාගාර ඇත. ඒවායේ මැති ඇමතිකම් දරන්නේ කිසිදු සුදුසුකමක් නැති හාල් පාරුවන්ය. රට කරන්නට එන්නේ එහෙවු හරකුන්ය. ගොම සංගමේ ඒ දවස් වල හැම මන්ගල්ලෙටම බැනර් උස්සාගෙන පාරවල් ගානේ ගිය නමුත් ගුරු සංගමේ කොරන්නෙත් බුරුවන් රැලක් බව හිතෙන්නේ උන් නිදා වැටෙමින් සිටින නිසාය. අපි මේ ආපස්සට යන ගමන නවතින්නේ සිම්බාබ්වෙටත් වඩා පිරිහුනාට පසු සහ ආර්ථිකය විනාශ වුනාට පසුව පමණකි. ඒ වෙනකොට රනිල් වැන්නන් කැලේට විසිවී සජිත් ප්‍රේමදාසලා වැනි සුකිරි බටිල්ලන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වී මුළු රටම පිස්සන් කොටුවක් වී තිබෙනු ඇත. බුලත් කොලේ එල්ලුණු පුලතිසිපුර මෝඩ පඬිතුමාගේ පාලනයේ අවසාන ප්‍රතිපලය එයයි.

    ReplyDelete
    Replies
    1. අනාවැකිය සපල වීමේ සම්භාවිතාවය බොහෝ ඉහළය

      Delete
    2. මීට අනුග්රහය ලක්ස 62 මී හරක් රැළ.....

      Delete
  3. මාතා,

    උබට මතකද මරුවින් සිල්වා සමුර්ධි නිලදාරියා ගස්බැන්දම එවක මහරජතුමා කලේ ඔහුගේ ඇමැතිකමින් ඉවත් කිරීමයි ඊට හේතුව ඒ ලගම මැතිවරණයක් තිබීමයි ඉන්පස්සේ විනය පරීක්ෂණ ජනාධිපති කමිටුව තීරණය කළා අදාළ සමුර්ධි නිලදාරියා තම කැමැත්තෙන් ගස්බැදගත් බව, ඉන්පසු ඔහුට නැවත ඇමතිකම ලැබුන.

    මේවගේම සරම ඉස්සිමක් තමයි දැන් මේ නොන්ජල් ජනාධිපතිය කරන්නේ, මේ බල්ලව කනෙන් අල්ලලා පුකට පයින් ගහල එලෙවන්නේ නැතුව.

    මේ පාරනම් මාතා චන්දය දියයුතු පක්ෂයක් මටනම් හිතා ගන්න බෑ, මේ චන්දය අඩුම ප්‍රකාශිත චන්ද ප්‍රමාණය ඇති මැතිවරණයක් වෙයි යුද්දයෙන් පසු.

    ReplyDelete
    Replies
    1. අයිසෙ මරාවාදී ලංකා සිතුවිලි ලොක්කෝ, මැරවියාගේ ගොන් පාට් එක කෙසේ වෙතත් මෙම සිද්ධියේදි මටනම් මෙම කාන්තාව ගේ කතාව අනුව උපකල්පනය වෙන්නේ නම් ඇය ඇමතියලට ඇත්තටම වැන්ද නම් තමන් නොකරපු/ නැත්නම් කරපු වරදක් වෙනුවෙන් චෝදනාවකට ලක්වීම නිසා දැඩිලෙස බියට පත්වෙලා ස්ව කැමැත්තෙන් වැඳපු බවක්. පසුව එය සංධානේ මෛත්‍රී පාර්ශවයට ගහන්න UNP එජාප ටයිකෝට් හොරු විසින් මෙහෙයවන JVP ගොන් ජෙප්පන් විසින් පාවිච්චියට ගැනීමක් සිදුවී තියෙනවා.

      ඔය මුග්ධ බඩතඩි මහා ඇමතියත් වැරදි වෙන්න පුළුවන්, ඒ විදුහල්පති දන ගැස්සුවා කියන එකට නෙමෙයි, රජයේ නිලධාරීන්ට රස්සාවට බලපෑම් කරා කියලා.

      දැන් බලපන් මාතලන්/ සිතිවිලි ලොක්කෝ ඉස්කෝලයක් පාලනය කිරීමට අවම සුදුසුකම්, පෞරුශ්යක් (කොටින්ම කොන්ද පණ තිබිය යුතු) ඕනෑම විදුහල්පතිනියක් දැන ගන්න ඕනනේ තමන්ගේ ප්‍රොටෝකෝල්, සිමාවන් හා වගකීම, දැන් මුලින්ම මේ ගෑනි මහා ඇමතිගේ ගෙදර ගියේ අහවල් එකකට ද? එහෙම යනවනම් අඩුම ගණනේ ඉහල නිලධාරියෙකුට කියලා ලොග් නෝට් එකක් දමල නිල නියෝගයක් පිට යන්න ඕනනේ. අනෙක සාක්ෂියට තව කාත් එක්ක හරි... හොඳ වෙලාවට දනගහලා නැවතුනේ.. නැති නම් තව මාස 9-10න් හම්බ වෙන බබාගේ අප්පුච්චාත් ඔය බඩ තඩි මහා ඇමතියා වෙනවා...ඕව තමයි සිඟිති ආතල් කියන්නේ..., ගොන් ආතල්, නොදකින් මුන් ඔක්කොම බොරුවෙන් රට කන්නේ.

      Delete
    2. මේ මළ විකාර මිනිස්සුන්ට එපාම වෙලා තියෙන්නේ, අපි නම් මේ වර ජෙප්පන්ට දෙන්න තීරණය කොලා...

      Delete
    3. අනේ තෑන්ක්ස්...

      Delete
  4. ලංකාවේ මිනිස්සු අනිත් මිනිසුන් ලවා වන්දවා ගැනීමෙන් මහත් වූ තෘප්තියක් ලබනු මා අනන්තවත් දැක ඇත. ඇති තරම් බලය ද, ඇති මහත් ධනය ද ඇති මිනිසුන් අතර මෙය ඉතා බහුලව මම දැක ඇත්තෙමි. ලංකාවේ තිබුණු විශාලතම ව්‍යාපාර සමූහයේ සභාපති, තමන්ගේ උපන්දිනය දා තමාගේම සමාගම්වල මුදලින් මල් සහ අනිකුත් තෑගි බෝග ගෙනවිත් තමා ඉදිරියේ වැඳ වැටෙන තමන්ගේ සේවකයන් දැක මහත්වූ ප්‍රීතියට පත්වනු මම දැක ඇත්තෙමි. ඒ විතරක් නොව එසේ කලවුන්ට තම සමාගම්වල අධ්‍යක්ෂ තනතුරු පිරිනමනු මම දැක ඇත්තෙමි. මෙවන් හේතු නිසාම අද ඔහුට කෙලවී ඇති නමුත් මේ උදාහරණය දැක්වුයේ ලංකාවේ මිනිසුන්ගේ මේ අනිත් මිනිසුන්ට වඳින සංස්කෘතිය ගැන කියන්නටය. ව්‍යාපාරිකයෝ මෙසේ නම් දේශපාලුවෝ ගැන කුමන කතාද?
    පෞද්ගලිකව මා කිසි කෙනෙකුට වඳින්නට කුඩා කළ සිට මහත් අකමැතිය. මා ගුරුවරුන්ට, කහකඩයින්ට, වැඩිහිටි නෑදෑයින්ට මෙන්ම මගේම දෙමව්පියන්ට වැඳ ඇත්තේ ඉතා අඩුවෙනි. ඒ බොහෝ දුරට අළුත් අවුරුදු සමයේ අනිත් හැමෝම වඳින නිසා මා පමණක් නොවැඳ සිටීමෙන් ඇතිවන්නාවූ කළු ලපය වසා ගන්නටය. තමන්ට වැඳීමෙන් තෘප්තියට පත්වන්නාට ඇත්තේ හීනමානය නිසා ඇතිවූ මානසික රෝගයකි. එසේ වුන්ට පෙරලි පෙරලී වන්දිනාවුන්ටද ඇත්තේ මානසික ප්‍රශ්නයකි. බොහෝ දෙනෙක් එසේ වඳින්නේ අනිකා කෙරෙහි ඇති ගව්රවයක් නිසා නොව එසේ කිරීමෙන් ලාබ ප්‍රයෝජන ලබා ගැනීම උදෙසාය. සමාජයක් දියුණු වන්නේ ආත්මාභිමානය ඇති මිනිසුන් බිහි කිරීමෙන් මිස වහල් මාසිකත්වයෙන් යුතු මීහරක් රැලක් බිහිකි රීමෙන් නොවේ.

    ReplyDelete
  5. ලංකාවේ මිනිස්සු අනිත් මිනිසුන් ලවා වන්දවා ගැනීමෙන් මහත් වූ තෘප්තියක් ලබනු මා අනන්තවත් දැක ඇත. ඇති තරම් බලය ද, ඇති මහත් ධනය ද ඇති මිනිසුන් අතර මෙය ඉතා බහුලව මම දැක ඇත්තෙමි. ලංකාවේ තිබුණු විශාලතම ව්‍යාපාර සමූහයේ සභාපති, තමන්ගේ උපන්දිනය දා තමාගේම සමාගම්වල මුදලින් මල් සහ අනිකුත් තෑගි බෝග ගෙනවිත් තමා ඉදිරියේ වැඳ වැටෙන තමන්ගේ සේවකයන් දැක මහත්වූ ප්‍රීතියට පත්වනු මම දැක ඇත්තෙමි. ඒ විතරක් නොව එසේ කලවුන්ට තම සමාගම්වල අධ්‍යක්ෂ තනතුරු පිරිනමනු මම දැක ඇත්තෙමි. මෙවන් හේතු නිසාම අද ඔහුට කෙලවී ඇති නමුත් මේ උදාහරණය දැක්වුයේ ලංකාවේ මිනිසුන්ගේ මේ අනිත් මිනිසුන්ට වඳින සංස්කෘතිය ගැන කියන්නටය. ව්‍යාපාරිකයෝ මෙසේ නම් දේශපාලුවෝ ගැන කුමන කතාද?
    පෞද්ගලිකව මා කිසි කෙනෙකුට වඳින්නට කුඩා කළ සිට මහත් අකමැතිය. මා ගුරුවරුන්ට, කහකඩයින්ට, වැඩිහිටි නෑදෑයින්ට මෙන්ම මගේම දෙමව්පියන්ට වැඳ ඇත්තේ ඉතා අඩුවෙනි. ඒ බොහෝ දුරට අළුත් අවුරුදු සමයේ අනිත් හැමෝම වඳින නිසා මා පමණක් නොවැඳ සිටීමෙන් ඇතිවන්නාවූ කළු ලපය වසා ගන්නටය. තමන්ට වැඳීමෙන් තෘප්තියට පත්වන්නාට ඇත්තේ හීනමානය නිසා ඇතිවූ මානසික රෝගයකි. එසේ වුන්ට පෙරලි පෙරලී වන්දිනාවුන්ටද ඇත්තේ මානසික ප්‍රශ්නයකි. බොහෝ දෙනෙක් එසේ වඳින්නේ අනිකා කෙරෙහි ඇති ගව්රවයක් නිසා නොව එසේ කිරීමෙන් ලාබ ප්‍රයෝජන ලබා ගැනීම උදෙසාය. සමාජයක් දියුණු වන්නේ ආත්මාභිමානය ඇති මිනිසුන් බිහි කිරීමෙන් මිස වහල් මාසිකත්වයෙන් යුතු මීහරක් රැලක් බිහිකි රීමෙන් නොවේ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ දැක්කේ. ලංකාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ගැන මම දන්නවා. ඔබ කියන උදාහරණය exception එකක්පමණයි. බොහෝ දෙනෙකුට ඔය වන්දනාවේ කට්ටකම හොඳින්ම වැටහෙනවා. ඔවුන් අදටත් ඒ තත්ත්ව වලම සිටින්නේ ඒ මායම් වලට අහු නොවන නිසා.

      තව එකක්. ඔබ කියන ව්‍යාපාරිකයාට ඔය වගේ දේවල් කියල මාතලන් ගෙන් ළුණුඇඹුල් ඇතිව අහගන්න වෙයි. හෙහ් හෙහ්

      Delete
    2. ඇයි ඒ මාතලන් ගොයිය කොතලාවල ළඟ වැඩ කොරල තියෙනවද ?

      Delete
    3. බඩ් කියන කතාව සහතික ඇත්ත. ඔහු පිදිය යුතු මිනිසකු තමා... නමුත් එහෙම කරන්න බල කිරීමක් තිබුනේ නෑ.. බඩ් කියනවා වගේම එයාට වැන්ද උන් මහ උන් වෙලා අන්තිමේදි නැති කරලත් දැම්මා... ඒකම මහින්දටත් උනා... සිරාට වෙන්නේත් ඒ දේ...

      හැබයි එයාට ඒ දේ වෙනවා කියලා අපි 2000 දි එයාට කිව්වා.. විශේෂයෙන් ප්‍රශ්ණගත ආයතනයේ ඒ දේ සිඳුවන බව ඉතාම පැහැදිලිව කියලා දමලා ගහලා ගියා... 2009 දි අපි කී දේ ඒ ආකාරයෙන්ම සිඳු උනා..

      Delete
  6. වෙන්නෙ මේ රටේ වෙන්න හොඳම දේවල් කියල හිතෙන්නෙ මට විතරද?

    ReplyDelete
    Replies
    1. ඔවු බොට විතරයි, ඇයි අවුල් ද? අවුල් වුණත් අපට කරන්ට දෙයක් නැත.

      Delete
  7. අපි මේ දකින දේවල් වලින් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. යමෙක් තමනට වඳිනවාට ආසා වන්නේ මාන්නය නිසා. මාන්නය ගැන බුදු දහමේ කියා තිබෙනවා. වැරදීමකින් වත් මෙය කියවන කෙනෙකුට එහෙම ආසාවක් තියෙනවානම් ඒ ගැන දහමේ කියා තිබෙන දේවල් හොයාගෙන කියවන්න. එයින් නොබිඳුණොත් ඊලඟ ආත්ම වල බල්ලන් ලෙස උපදින්නත් පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඊළඟට ආත්මයක් නෑ කියන දේ දේශපාලුවෝ හොඳින් දන්නවා...

      Delete
    2. යකෝ ඒ මහ ඇමති ඒ ගෑනිව දූශනය කෙරුවෙ නැහැනේ බං වන්ඳවා ගත්තා විතරයිනේ.
      එහෙමද ඒ කාලෙ රනිල් තරුනයන්ව බටලන්දට අරන් ගිහින් ඔවුන්ව නිරුවත් කර දස වද දෙන දිහා බලා ගෙන බියර් බිබී ආතල් ගත්ත එකා. තරන්යින්ගෙ ලිංගේන්ද්‍රිය ලාච්චුව ඇතුලට දාලා වහන කොට තමුන්ට නැති එකෙන් ඔවුන් වේදනා විඳිනව බලල සතුටු වෙච්චි එකෙක් රනිල්.

      මෛත්‍රී කවදාවත් එහෙම දේවල් කරල තියෙනවඩ ? අර වගේ දේවල් කරපු රනිල්ට කඩේ යන ගමන් අර කොහෙවත් යන එකෙක් ගෑනියක් ලවා වඳව ගත්ත කියල මෛත්‍රීට බනින්ඩ උඹලට ලැජජ නැද්ද බං ?

      Delete
    3. උඹත් ඒ කාළේ බටලන්දේ රනිල් එක්කද හිටියේ...

      Delete
    4. රනිල් මීටර් කාරයනේ. ඒකාලේ උගෙ වටේ හිටපු ඔක්කොටම ඌ වැඩේ දුන්නා. නැතිනම් පස්සෙ සාක්කි එලියට එන්ඩ පුළුවන් නිසා.
      අර විජේදාස ලියනාඅරච්චි මරපු කේස් එක අන්තිමටම කරවිටගේ දර්මදාස පිටින් ගියේ. මිනිහ උසාවියෙ විශේශ ප්‍රකාශයක් කරන්ඩ හිටපු දවසට කලින් දවසේ මිනිහ පිස්තොලේන් වෙඩි තියන හැටි පෙන්නන්ඩ ගිහින් මිනිහටම වෙඩි තියා ගෙන මැරුනා.

      පහු ගිය කාලේ තමුන්ම ගස් බැඳ ගත්තවගෙ කේස් එකක් ඒකත්.

      Delete

  8. රනිල් යනු ලෝකයේ අසාර්ථකම පුද්ගලයා බව මම දන ගත්තේ ගාමිණි දිසානායක පක්ෂයේ බලය අල්ලගන්න වෙලාවේ නැට්ට පුකු ගහගෙන හිටපු වේලාවේය,

    මාතලන් ලොක්කා කෙලෙහිගුණ දන්නේ නැතිය.
    පුක සෝදලා සෝදලා සුද්ධ කරන්න බැරි උනාම දැන් වෙන එවුන්ට බනිනවාය
    කියන්නට ඇත්තේ අනේ නොහුකා රොකට් රෝහිනී ගැන ලියාපිය කියාය.

    ReplyDelete
    Replies
    1. එක එකාගේ වහලුන් සිතන්නේ ලොව සියල්ලෝම වහලුන් කියාය...

      Delete
    2. රනිල්ගේ ගූ වුවද සුවඳ යයි සිතන වහලකු වන මාතලන් සිතන්නේ ලොව සියල්ලෝම තමා මෙන්ම වහලුන් විය යුතුය කියාය.

      Delete
    3. මාතලන් වහලෙක් නොවේ.. ඔහු හිවලෙකි. රැකියාව පුක සේදීමය. මහා එකා ගූ අන්ගේ උලා ගන්න විදියට කොපමණ සේදුවත් වැඩක් නැතිය.
      දැන් ඉදන්ම ගොටාගේ ගූ සෝදන්න ලක ලෑස්ති වෙන්නේ ඒ බව දන දනය.

      මේක ගේමක්. අපි ඔක්කොම රවටන.

      Delete
  9. අලි, බුලත් කොළ, අත්, පොහොට්ටු ඔක්කොම එකයිනේ. මේ පාර බෙල් එකටවත් දීලා බලමුද? මම නම් හිතන් ඉන්නේ එහෙමයි හිටං !

    ReplyDelete
    Replies
    1. බෙල් කාරයෝ නැත්නම් ජෙප්පන් ගැන කියනවනම් බැඳුම්කර කේස් එකෙන් තමයි ජෙප්පන් ගොඩයන්න හදන්නේ.. බැඳුම්කර වංචාවට දඬුවම් කිරීම අනිවාර්යයි. නමුත් ඡන්දෙකදී තම පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම් විමර්ශනය කර තමන්ට බලය ලැබුණු පසු සිදු කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක්, ප්‍රතිපත්ටි සහ තම සැලසුම් ගැන කතා නොකර එකක් අල්ලාගෙන නටනවා. මේක තමයි ජෙප්පන්ගේ ඒදා වේල දේශපාලනය කියලා කියන්නේ. ඉතින් බෙල් ජෙප්පන්ට ඕනේ ආණ්ඩුව කරන වැරදි තව වැඩි කරලා කතන්දර ගොතලා බොරු චෝදනා කරලා ඡන්ද කඩා ගන්න වගේ මටනම් පේන්නෙ, හැබැයි ජෙප්පො හෙළිදරව් කළේ මේ ආණ්ඩුවේ වංචා, දූෂණ විතරක් නෙවෙයි. කළින් ආණ්ඩුවේ හොරකමුත් එළි කළා. එතකොට හැමෝම බැන්නා රතු අලි පැටව් යූ.එන්.පි. යට කඩේ යනවා කියලා. ඒ නිසා ජෙප්පනුත් සැලකිය යුතු ප්‍රමාණයක් බලයේ සිටීම පොදු මිනිසුන්ට වාසි සහගතයි, බලයේ ඉන්න උන්ට හොරකම් ජඩකම් තක්කඩිකම් කරන්න අමාරු වෙනවා, ඒ අතින් නම් ඔබ හරි.

      Delete
    2. මාත් බැල් බොටම් එකක් ගහගෙන ගිහින් බැල් එකට ඡන්දේ දෙනවා අප්පා

      Delete
  10. විසාකාව යාලු කෙල්ලෝ රංචුවක් එක්ක පාටියකට ගිහින්, එන ගමන් බුදුන් දකින්න යනවා !
    සෙලෙස්තිනා ඩයස් මහා කාන්තාව විසාකාව හදන්නේ (තැබෑරුම්) රේන්ද ලාබයෙන් !!!

    ReplyDelete
    Replies
    1. මල්ලී, විසාකා එකත් එක්ක තාම ඇරියස් තියෙනවද?
      ඔන්න ඕව අල්ලලා දාපන් බන් දැන්වත්.

      Delete
    2. හා හා හා .. දැන් නෑ කැළුම් අය්යේ . :D

      Delete
  11. ඌව මහා ඇමතිය ඔය ගොන් තඩිය බව මම දන්නෙත් මේ ලඟදි බං.. ඌව ඉස්සර හොඳ ප්‍රතාපවත් දේශපාලන චරිත බිහිකරපු පැත්තක්.. දැන් නම් උවේ ඉන්නේ ඔය වගේ ගොන් වස්සොයි, කම්බ හොරුයි හාල් කැඳයෝ යි විතරයි.. නෙද්දකින්..

    ReplyDelete
    Replies
    1. //ඌව ඉස්සර හොඳ ප්‍රතාපවත් දේශපාලන චරිත බිහිකරපු පැත්තක්//

      අම්මපා? කෝ කියපන්කො බලන්න එකෙක් දෙන්නෙක්? අපි දන්න ප්‍රතාපවත් චරිත නම් මෙව්වා; විජමු ජොලි ආතා, කොට නිමල් සිරිපාල නිදිමත කුරේ, අපුච්චා මළ සොයිසා, අම්මට ඩිජිටල් හරීන් බැලුම්-රිළවා, ඩිලාන් ජෝකර්, ලස්මං සෙනෙවි සීනි ජෝකරේ, රංජිත් මද්දු (ගොම)බංඩා ගොබ්බසේන ලට තව පලා බබ්බු ගත්තොත් මහ'මැටි බඩ තඩියයි, යූඑන්පී චමින්ද මැන්ටල් පිස්සු වාහෙයි, ජෙප්පන්ගේ එදා-වේල සමන්ත ජෝකරයයි, තව ගිරුවායෙ ඉඳන් මරාගේ ඥාති පුත්ත්‍ර සසින්දර මැටි ගොඩත් එක්කහු වෙලා රස ආකරයක් තැනුවා නෙව, අම්මටහුඩු සන්නස්ගල පිස්සු අපතයත් ඌවේ රියල් ඉස්ටාර් කෙනෙක් නේද? අන්තිමට ඉතින් බොග සංසදේ සබාපතින් කල්යාන් ඉස්ටාර් මරණ දැන්වීම් ඔස්තාර් උන්නැහේත් ඉතින් ඔයිට සමාන කොරත හැකි, (ඇත්තටම ඔයිට හපන්) මොකෑ නැත් ද?

      Delete
    2. මම දෙන්න ඕන් උත්තරේ ඇනෝ කෙනෙක් දීලා බං...

      Delete
  12. බ්ලොග් එක මතක නැහැ ඒත් බ්ලොග් එකක තිබුන පොස්ට් එකක් එහෙන් පිටින්ම උස්සලා ලක්බිමෙ රිද්මෙ දාලා තිබුනා.(හොල්මන් කාර් ගැන)..........

    ReplyDelete
    Replies
    1. https://worldbeyondworld.blogspot.com/2018/01/world-famous-ghost-cars.html

      Delete
    2. මගේ ඒවත් ඉඳ හිට යනවා... මට නම් කිසි අවුලක් නෑ... මොකෝ මොකා නොදැන් උන්නත්, මම දන්නවා නේ මම ලියපු දේ...

      Delete
  13. අයිසෙ මාතලන්,

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමින් කොස්ගමදී "දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලූ දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා, සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම ගෙදර යන්නේ කවද්ද කියලා මෙම මේකේ හැමදාම ඉන්න ආවේ නැහැ නමුත් ගෙදර යන්නේ දේශපාලඥයින් අතර සිටින හොරුන්, දූෂිතයන්, වංචාකරුවන් සියලූ දෙනා හිරගෙදරට යැව්වට පස්සේ ඔවුන් සියලූ දෙනා පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ගියදාට පහුවදා මම ගෙදර යනවා.

    පෙබරවාරි දහ වැනිදායින් පසුව දූෂණයට වංචාවට එරෙහිව මම පාරට බහිනවා. පක්ෂ පාට භේදයකින් තොරව මේ රටට ආදරය කරන් දූෂණයට වංචාවට එරෙහි සියලූ දෙනා එකතු කරගෙන දූෂණයට වංචාවට එරෙහි ජනතා ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් මාත් සමග එකතු වන ලෙස රටට ආදරය කරන සියලූ දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘

    කියල කිව්ව මතක ඇති, දැන් මුන්නැහේගේ කතාවේ හැටියට වක්‍රව කියන්නේ මෙම තනතුරින් අයින්වීමේ අදහසක් නැතිබවයි. මොකද මුන්නැහේගේ කටින් බතල හිටවන කයිවාරු කෙසේ වෙතත් වැඩකරන කාර්යක්ෂමතාව අනුව තව ආත්ම ගණනාවක් ඕනවෙවී ඔයකියන ටික කරන්න, මුන්නැහේට ගෙදර යන්න ඉස්සෙල්ලා අවීචියේ සුඛෝපභෝගී රෝහලක් හදන්න වෙනවා. එම කටයුත්ත සඳහා විදේශ විනිමය වැයකරන්න සිදුවන බැවින් විදේශ මුදල් සංචිතය වැඩිකරගන්න වෙනවා. අනෙක ඔය කියන අචිචි නරකාදිය තියෙන්නේ කොහෙද කියා සහ මීට කලින් ඔවැනි දුෂිත දේශපාලකයින් ඔය කියන තැනට ගියා කියලා හෝ යනවා කියලා දැනගැනීමට ක්‍රම වේදයක් නැති නිසා, මොකෝ මාතලන් පත්තරෙන්/ රේඩියොවෙන් ද අවීචි මහා නරකාදියට ගියා කියලා දැනගන්නේ? කොහොමද ටිකිරි මොලේ...?

    ඒත් ඉතින් ප්‍රශ්නේ දැන් මුළු රටම අවීචි මහා නරකාදියක් වෙලා තිබීම නිසා කොහේ යන්නද කියලයි, මාතලන් ලොක්කා මොකෝ මේ ගැන කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. මොනා කියන්නද බං... කියන්න ඕන ඔක්කෝම උඹ කියලා තියෙද්දි...

      බ්ලොග් එකක් පටන් ගනින් කියලා තමා මට කියන්න තියෙන්නේ

      Delete
  14. මාතලන් හැමදාම වර්ණනා කරන සුද්දාගේ රට ගැන පොඩ්ඩක් කියල යන්න කියල බැලුවේ. සුද්දා අපිව දාලා ගිහින් වැඩි කලක් ගියේ නෑ උන්ගේ මජර පරිපාලනය නිසා උන්ගේ රටේ තිබුන කාර්මික ආයතන ඔක්කොම වගේ බංකොලොත් වෙන්න පටන් ගත්තා. ලෝක ප්රසිද්ධ සමාගම් එකපිට වැහිල යනකොට ඒ ලැජ්ජාව වහගන්න උන් සමහර ඒවා ජනතාකරණය කලා. හැබැයි ඒ එකකින් වත් උන්ට ගොඩ එන්න හම්බ උනේ නෑ. අද වෙනකොට මේ හුගක් සමාගම් වල අයිතිය තියෙන්නෙ පිට දේශක්කාරයන්ට. ඔන්න මාතලන් හැමදාම අගයන සුද්දාගේ රටේ තත්වෙ? අද උන් අපිට අන්තයි. උන්ගේ රට කෑලි තුනකට කැඩිල. ආර්තිකය නන්නත්තාර වෙලා. කොහේන්ද ආපු තම්බි ටිකක් උන්ගේ අගනුවරම ආකර්මණය කරල. සුද්දා අපිව යටත් කරන් හිටියනන් අපිටත් ඒ ටික තමා....

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් ඔය පරසුද්දන්ට ඔහොම වෙලා මදි අපිව දාලා ගියාට...

      Delete
    2. ඇයි බන් ඔච්චර පරගැති මානසිකත්වයකින් ඉන්නෙ? උඹ බීච් බෝයි කම එහෙම කලාද කාලයක්?=

      Delete
    3. හෙළෙයෙක් වෙනවට වඩා පරයෙක් වෙන එක නම්බුයි....

      Delete
    4. @ Shenal

      සුද්දාගේ මජර බටහිර ශිෂ්ටාචාරය ස්ත්‍රී පුරුෂ ගැටුම තුලින් විනාශ වෙන මේ රික්තය සඳහා තමයි උන්ගේ බටහිර රටවලට Middle East/ Asian/ African සංක්‍රමනිකයන් දහස් ගනනින් ආනයනය කරන්න වෙලා තියෙන්නෙ. පුරුෂ විරෝධී ස්ත්‍රීවාදයක් ඇතිවීමම බටහිර ශිෂ්ටාචාරයේ අවුලක්. බටහිර බොහෝ කාන්තාවන් දරුවන් නොමැති අය. වෙනත් රටවලට සුද්දාගේ සල්ලිවලින් පොම්ප කල පුරුෂ විරෝධී මජර ස්ත්‍රීවාදයක්. ස්ත්‍රීන මත්පැනට හුරුකිරීමෙන් දරු ගැබ්වලට හානි සිදුවෙනවා. නමුත් ස්ත්‍රීවාදීන්ට අවශ්‍ය පුරුශ විරෝධය පමනයි.

      අපිට අනාගත රැකියා වෙළඳපොළේ හොඳ රැකියාවක් ලබන්න අවශ්‍ය මොනවාද කියලා ඇහුවොත් පරගැති මානසිකත්වයකින් ඉන්න ගොඩක් දෙනෙක් දෙන පිළිතුරක් තමයි සුද්දාගේ මජර ඉංග්‍රීසි කියන එක. ඇත්තෙන්ම ජාත්‍යන්තර භාෂාවක් දැනගෙන සිටීමත් වැදගත්, නමුත් බොහෝ වෙලාවට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රැකියාවේ ටික කාලයක් නියැලෙනකොට අපේ භාෂා හැකියාව ඉබේම ප්‍රමාණවත් මට්ටමකට වැඩි දියුණු වෙනවා.

      නමුත් Shenal අනාගත රැකියාවන්ට ඉතාම වැදගත්, නමුත් භාෂාවක් වගේ භාවිතයෙන් විතරක් හොඳ දියුණුවක් ලබා ගන්න අපහසු අංශ 4ක් තියෙන්නෙ.

      ඉතින් මුල්කුරු එකට එකතු කරලා STEM කියලා හඳුන්වන මේ අංශ හතර වෙන්නේ;

      1. Science (විද්‍යාව)
      2. Technology (තාක්ෂණවේදය)
      3. Engineering (ඉංජිනේරු වේදය) සහ
      4. Mathematics (ගණිතය) යි.

      කාලයක් තිස්සේ වෙන වෙනම ඉගැන්වීම් කෙරුණත් දැන් බොහෝ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල මේ දේවල් විෂය නිර්දේශයටම ඇතුළත් කරලා උපාධිධාරීන්ගේ රැකියා සූදානම ඉහළ නංවන්න ලොකු උනන්දුවක් තියෙනවා. අනාගත ලෝකයේ බොහෝ ක්ෂේත්‍රවලට STEM වලට අදාළ විෂය ක්ෂේත්‍ර හතර බොහෝ සෙයින් වැදගත් වන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේ නිසා අනාගතයේ රැකියා වෙළඳපොළට තරඟකාරීව මුහුණ දෙන්න පුළුවන් මානව සම්පතක් ශ්‍රී ලංකාව තුළ බිහි කරන්න නම් STEM සහිත බහුවිධ අධ්‍යාපන ක්‍රම ඇති කරන එක යුගයේ අවශ්‍යතාවක්...!

      Delete
    5. නමුත් Shenal ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල වගේම දියුණු රටවල වුණත් ගැටළු නිරාකරණයට වඩාත් අවශ්‍ය STEM වලට ඇතුළත් අංශ බවට විවාදයක් නැහැ. බුද්ධි ගලනය නිසා ශ්‍රී ලංකාවේ වටිනා පුද්ගලයන් නිතරම රටට අහිමි වෙමින් පවතින වටපිටාවක පරගැති මානසිකත්වයකින් ඉන්න ශ්‍රී ලංකා මජර රජය පවා අද STEM අංශවලට වැඩි ඉඩකඩක් ලබා දෙන්න පෙළඹිලා සිටිනවා. අපේ රට දියුණුව කරා යන ගමනේදී STEM නිසා ලැබෙන දායකත්වය හඳුනාගෙන එක එක ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරනවා වෙනුවට නිර්මාණාත්මක බව සහ ගැටළු නිරාකරණය කියන කාරණාවල සංකලනයක් තුළින් කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් ඇති කරන එක යුගයේ අවශ්‍යතාවක්. ලංකාවත් දැන් ටිකෙන් ටික ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීම ආරම්භ කර බොහෝ අංශවලට විශාල දියුණුවක් ගෙන දෙන්න ඩිජිටල් ක්‍රමය සමත් වුණත් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න නම් ඒ එක්ක හොඳින් වැඩකටයුතු කරන්න පුළුවන් පුහුණුවක් සහ නිපුණතාවක් තියෙන පිරිසක් අත්‍යාවශ්‍යයි. ඒකට අවශ්‍ය වෘත්තීය වටපිටාව සකස් කරන්න නම් තනි අංශයක හොඳ දැනුමක් තියෙන පිරිස් වෙනුවට STEM හි අංශයන් ගැන දැනුමක් තියෙන බහුවිධ (multi-disciplined) පිරිසක් සිටීම ඉතාම වැදගත්.

      STEM නිසා ලැබෙන වාසිදායක තත්ත්වයට හොඳම උදාහරණ විදිහට USA, South Korea, Japan, Finland සලකන්න පුළුවන්. 1990 දශකයේ ඇති වුණු ඩොට්කොම් විප්ලවයට සමගාමීව USA ලෝකයේ ප්‍රධානම තාක්ෂණික, ඉංජිනේරු සහ විද්‍යාත්මක කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්න සමත් වුණා. ජපානය, දකුණු කොරියාව සහ ෆින්ලන්තය ඇතුළු ස්කෑන්ඩිනේවියානු රටවල් STEM අංශ මුල් කාලයේදීම තමන්ගේ විෂය නිර්දේශ තුළ අන්තර්ගත කිරීමෙන් තමන්ගේ ශ්‍රම බලකාය ඉතා උසස් මට්ටමකට ගෙන එන්න සමත් වෙලා තියෙනවා.

      පැරණි ලෝකයේ විශාල වටිනාකමක් හිමි වෙලා තිබුණු බොහෝ අංශවල පසුබෑමක් තියෙද්දී වුණත් මේ රටවල්වල ආර්ථිකය වඩාත් දියුණු වුණේ ඒ නිසාමයි.

      මේ නිසා ශ්‍රී ලංකාවෙත් කැපී පෙනෙන දියුණුවක් දකින්න අවශ්‍ය නම් අපේ තරුණ පරපුර STEM භාවිතයට ගන්නත්, ප්‍රගතිශීලීව හිතන්නත් දිරිමත් කරන්න...!

      Delete
  15. මාතලන් බොස් එක සැරයක් මට කියල තියෙන නිසාම රටේ මුල් පුරවැසියාට කුණුහබ්බ අවම භාවිතයෙන් (කුණුහබ්බ අවභාවිතා කිරීම ලෙස සංශෝදනය විය යුතුය 🤣)

    දැන් ඔය ගොවිපාලකය කියනව ඇහුන උගේ යටතට රටේ ආර්ථිකයත් ගන්න යනව කියල. ඈ හොඳේ..! පරිසර ඇමති කමවත් කොරගන්න බැරි වැඩ බැරි දාස කොහොමද බං ආර්ථිකය පාලනය කරන්නෙ කියල තේරුම් කරහනකෝ මහත්තයෝ??ඒ අස්සෙ ”ද සභිතා ඇග්‍රි කචල් බිල්ඩිම?

    දැන් බලනකොට රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ කාන්තාවන්ට අරක්කු තහනම..🙈

    මේව බල බල තවත් මේ පෘතුවියේ ඉන්න බෑ බෑ බෑ මයි.

    ක්‍රිස්ටල් මෙත් + හෙරොයින් + LSD පතාකෙට එක බැගින් එකට කොටල ඒ ඔක්කොම එක සැරේ බීල මම හඳට යනව.

    එනවනං උබත් වරෙන්. ඕං මම ගියා.

    බා........යි..!! 👍🏽

    ReplyDelete
    Replies
    1. පෝඩ්ඩක් හිටහන් හිටන්...

      මාත් එනවා....

      Delete
  16. Casino enakota EPA kiyapu un ganu bonoeka hodai kiyanawa.
    Meka sadaranaya karanne kohomada

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න